Site icon Newshub

නීති විරෝධී ලෙස කෑලි එකලස් කරන ලද සුඛෝපභෝගී තවත් ජීප් රථයක් සොයාගනී

නීති විරෝධී ලෙස කෑලි එකලස් කර හදන ලද සුඛෝපභෝගී තවත් ජීප් රථයක් පොල් ගස්ඕවිට ප්‍රදේශයේ ගරාජයක තිබියදී බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන් සොයාගෙන තිබේ.

මෙම ජීප් රථය මහරගම ප්‍රදේශයේ විහාර අධිපති හිමිනමක් විසින් මීට වසර එක හමාරකට පමණ පෙර ගෙනවිත් දැමූ බව ගරාජයේ හිමිකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙම සුඛෝපභෝගි ජීප් රථය අලුත් වැඩියා කිරීම සඳහා විහාරාධිපති හිමිනම අවස්ථා කිහිපයකදීම ඊට අවශ්‍ය කොටස් ගරාජයට ගෙනවිත් දුන් බව ගරාජයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර තිබේ.

මෙම රථයේ නීත්‍යානුකූල බව සම්බන්ධයෙන් විහාරාධිපති හිමිගෙන් ප්‍රශ්න කරන බව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

Exit mobile version