ජනාධිපති අනුර දිසානායක හා වත්මන් රජය ගන්නා නිවැරදි තීන්දු තීරණ වලට තම පක්ෂයේ සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය එළැඹුනු එකඟතා මත ඩොලර් මිලියන 300ක මුදලක් මෙරටට හිමිවන බවත් එය රටට ඉතාම සුභදායී දෙයක් හෙතෙම පවසයි.
ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල නිසි ලෙස කළමනාකරණය කරමින් සිටින බවත් එය ධනාත්මක ලකුණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එබැවින් ජනාධිපතිවරයා ගන්නා රටට වැදගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවට සහාය දීමට තම පක්ෂය සූදානම් බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
මේ අතර මන්නාරමේ සහ ඊට යාබද ප්‍රදේශවල තවමත් නාවික හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ ජනතා නියෝජිතයකු වන ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානයේ (DTNA) වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ නායක සෙල්වම් අඩෛක්කලනාදන් අවධාරණය කරයි.
මේ බව සඳහන් කරමින් ඔහු ජනාධිපති අනුර දිසානායක වෙත ලිපියක් යොමුකර ඇත.
අදාල ඉඩම් දිගින් දිගටම නාවික හමුදාව යටතේ පැවතීම හරහා දෙමළ ජනතාවට තම එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යාමට ඇති හැකියාව අහිමි වී ඇති බවද එහිදී ඔහු පෙන්වාදී ඇත.
නාවික හමුදාව විසින් සිය පාලනය යටතේ තබාගෙන ඇති, මන්නාරම දිස්ත්‍රික්කයට අයත් මුල්ලිකුලම්, තලෙයිමන්නාරම ජැටිය, පල්ලිමනෙයි, සහ වන්කලායි යන ගම්මානවලට අයත් ඉඩම් ජනතාවට අයත් බව පවසමින්, සෙල්වම් අඩෛක්කලනාදන් මන්ත්‍රීවරයා තවදුරටත් සිය ලිපිය තුළින් සඳහන් කර ඇත්තේ එම ඉඩම්වල නියම හිමිකරුවන්ට සිය දෛනික ජීවිතය ගතකිරීමට නොහැකිව සිර වී සිටින බවයි.