Site icon Newshub

අයහපත් කාලගුණයෙන් තවත් විභාග දෙකක් කල් දැමේ

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවත් විභාග දෙකක් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව දෙසැම්බර් එක වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ නීති විද්‍යාල පොදු ප්‍රවේශය විභාගය ( 2024) කල් දමා තිබේ.

දෙසැම්බර් මස දෙවැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය කල් දමා ඇත.

මෙම විභාග නැවත පැවැත්වීමේ දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් අපේක්ෂකයන් වෙත දැනුම් දෙනු ලබයි.

Exit mobile version