පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නාමයෝජනා ලබාදෙන ලෙස කථානායක සපුමල් රන්වල මහතා ආණ්ඩු පක්ෂ සහ විපක්ෂයේ පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුවේ කෝප්, කෝපා ප්රමුඛ ප්රධාන කමිටු පිහිටුවන යාන්ත්රණය වන්නේ තේරීම් කාරක සභාව වන අතර එය ලබන 3 වැනිදා රැස්වීමට නියමිතය.
තේරීම් කාරක සභාව ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු 08 දෙනෙක්ගෙන් සහ විපක්ෂයේ මන්ත්රීවරු04 දෙනෙක්ගෙන් සමන්විතය.
තේරීම් කාරක සභාවට නම්කරණ මන්ත්රීවරුන්ගේ නාම ලේඛනය කතානායකවරයා විසින් 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එදිනම තේරීම් කාරක සභාව රැස්වී කමිට්ටු පත්කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කරන බව පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.