වාහන අංක තහඩු ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගත් අයට අදාළ අංක තහඩු 2024 දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර ලබා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා සිටී.
ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරි තත්ත්වය අවසන් කර ඇති අතර නැවත නිකුත් කිරීම ආරම්භ කිරීමත් සමඟයි.
දෙසැම්බර් 15 න් පසු රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිතා කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම කළ නොහැකි වන අතර එලෙස තාවකාලික අංක තහඩු භාවිතා කරමින් ධාවනය වන රථ වාහන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා සිටී.
මෙතෙක් නිකුත් කර තිබූ තාවකාලික අංක තහඩු සමඟ ධාවනයට ලබාදී තිබූ අවසර පත්‍රය 2024 දෙසැම්බර් 15 දිනෙන් අවලංගු වේ.