උතුරේ ජනතාව සම්බන්ධයෙන් සැබෑ විශ්වාසයක් තමන්ට ඇති බවත් අද වන විට උතුරේ ජනතාව සාමාන්‍ය ආකාරයට එක් වී සාකච්ඡා, සංවාද කරන පරිසරයක් නිර්මාණ වී ඇති බව කථානායක අශෝක රන්වල මහතා පවසනවා.
මාලිගාවත්ත උලමා සභාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා මේ අදහස් පල කළේය.
ජනතාව සාමාන්‍ය ආකාරයට එක් වී සාකච්ඡා, සංවාද මහ විරු සැමරුම් යැයි තමන් විශ්වාස නොකරන බවද පවසන ඔහු උතුරේ ජනපතාව පිළිබඳ සැබෑ විශ්වාසයක් තමන්ට ඇති බවද ඒ මහතා කියා සිටී.
උතුරු ඇතුළු රටේ සමස්ත ජනතා අපේක්ෂාව වන්නේ සියලු පාර්ශ්වයන් එකතු වී අනාගත පරපුරු වෙනුවෙන් රට ගොඩනැගීම් බවද හෙතෙම පෙන්වා දෙයි.
යම් සිද්ධියක් සිදු වන්නේ නම් එය හුදෙකලා නොකර ඒ පිළිබඳව සොයා බැලීම වගකීමක් ඇති බවද කතානායකවරයා වැඩි දුර අදහස් දක්වමින් කියා සිටියා.