Site icon Newshub

පීඩාවට පත් ජනතාවට සහන දෙන්න බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් වහා පිහිටුවන්න – ජනපතිගෙන් උපදෙස්

රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන්කර ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් වහා පිහිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්වය ඇතිව තිබෙන ප්‍රදේශවලට ගොස් නිසි තොරතුරු රැස්කරගෙන ජනතාවට අවශ්‍ය කරන සහන කඩිනමින් ලබාදීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

රටේ උද්ගතව ඇති ආපදා තත්ත්වයට මුහුණ දිය යුතු ආකාරය සහ විපතට පත් ජනතාව වෙනුවෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් සමඟ පැවැති පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත

පීඩාවට පත් ජනතාව ආරක්ෂිත ස්ථානවල රඳවාගෙන ඔවුන්ට අවශ්‍ය ආහාර පාන මෙන්ම සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අදාල පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ දුන්නේය.

ආපදා තත්ත්වය හේතුවෙන් අධි අවධානමකට ලක්ව තිබෙන උතුරු සහ නැගනහිර ප්‍රදේශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙසත් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය හා අපහසුතා කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට තවදුරටත් උපදෙස් ලබාදී තිබේ.

Exit mobile version