Site icon Newshub

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි : අලුත්ම නිවේදනය මෙන්න

ශ්‍රීලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට එහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත.

ඒ අනුව අද (27) සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවෙයි.

අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate : OPR) සියයට 8.00ක් ලෙස පවත්වා ගැනීමටද තීරණය වී තිබේ.

ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය සහ විදේශීය අංශයේ වත්මන් හා අපේක්ෂිත ආර්ථික ප්‍රවණතා මෙන්ම අවදානම් හා අවිනිශ්චිතතා මනාව සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව දක්වමින් ශ්‍රීලංකා මහ බැංකුව අද (27) නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

 

Exit mobile version