Site icon Newshub

IPL ඉතිහාසය අලුත් කරන ළබාලතම ක්‍රීඩකයා

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සමත්ව ඇත.

සෞදි අරාබියේ ජෙඩා නුවරදී ඊයේ (25) පැවැති IPL වෙන්දේසියේදී වෛභව් සූර්යවංශිව ඉන්දීය රුපියල් කෝටි 1.1 කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ.

අවුරුදු 13 දින 243 ක් වයසැති වෛභව් සූර්යවංශි මිලදී ගැනීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් ලංසු තරඟයකට එළැඹී තිබෙන අතර අවසානයේදී ඉන්දීය රුපියල් කෝටි 1.1 ක මුදලකට සූර්යවංශි අළෙවි වී තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වූ ළාබාලතම ක්‍රීඩකයා වන්නේද වෛභව් සූර්යවංශිය.

සයෙඩ් මුෂ්ටාක් අලී කුසලානයේදී සිය පළමු පෙළ මංගල එක්දින ක්‍රීඩා තරඟය ක්‍රීඩා කරමින් පසුගියදා (23) වෛභව් සූර්යවංශි ක්‍රිකට් පිටියට අවතීර්ණ විය. එහිදී ඔහු බිහාර් කණ්ඩායමේ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළේය. පළමු පෙළ මංගල එක්දින තරඟය ක්‍රීඩා කර දින දෙකකට පසු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබීමත් සමග සියලු දෙනාගේම අවධානය වෛභව් සූර්යවංශි  වෙත යොමු වී තිබේ.

Exit mobile version