Site icon Newshub

IMF සිව්වන වාරිකය පමාවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතර වන ණය වාරිකය මෙරටට ලැබීම තව මාස තුනකින් කල් යනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

2025 වසර සඳහා රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු මීළඟ වාරිකය නිදහස් කිරීමට නියමිත බව එම නිලධාරියා අනාවරණය කළේය.

නව රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම ලබන වසරේ පෙබරවාරි මස අග සතිය  පමණ වනු ඇති බවත්  ඒ අනුව මාර්තු මාසයේ මැද භාගය වන විට අමෙරිකානු ඩොලර් මිලියන 333 ක් වන මීලග ණය වාරිකය හිමිවීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ කාර්ය මණ්ඩල එකඟතාව ඇතිකරගෙන සිටියත් ඒ සඳහා එම අරමුදලේ කළමනාකාරිත්වයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතිය පළවීමට 2025 අයවැය ලේඛනය ඉදිරිපත් කළ යුතු බවට වන පූර්ව කොන්දේසිය ඉටු කළ යුතුව ඇත.

Exit mobile version