Site icon Newshub

ජාතික ලැයිස්තුවෙන් මට සහනයක් දෙන්න – පැරදුන ඉඳුනිල් ලිඛිතවම මන්ත්‍රීකමක් ඉල්ලයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තමා සියලු සුදුසුකම් සම්පූර්ණ කර ඇති බැවින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් තමාට ලබා දෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

මෙවර මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ තමා මනාප ඡන්දය 45551 ක් ලබාගෙන රටේම පක්ෂයේ මනාප ඡන්ද ලබාගත් අය අතරින් දස වැනි තැනට පත්ව ඇති බව එම ලිපියේ සඳහන් කොට තිබේ.

මේ අනුව බලන විට මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාගැනීමට ඉදිරිපත්ව සිටින හැමෝටම වඩා තමන් සුදුසුකම් සම්පූර්ණ කර සිටන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කොට ඇත

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමෙන් පසු ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් තමා ඉල්ලා අස්වන බවත් ඒ සම්බන්ධව ඕනෑම ලිපියකට අත්සන් කිරීමට කිරීමට සූදානමින් සිටින බවත් තුෂාර දුනිල් මහතා විපක්ෂ නායකවරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version