Site icon Newshub

සෞඛ්‍ය ලේකම්ට පල නොකියා පලා බෙදලා : පාලිත ඉල්ලා අස්වෙලා !

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වාර්තා වන ආකාරයට ඔහු මෙසේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ කිසිඳු දැනුම්දීමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා වැඩ බලන පදනමින් ලේකම්වරියක පත්කිරීමට අනුර දිසානායක පාලනය කටයුතු කිරිම හේතුවෙනි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වන වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම්වරිය වශයෙන් පත් කර ඇති අතර ඇය පසුගිය සෙනසුරදා පස්වරුවේ එම ධුරයේ වැඩ භාරගෙන ඇත.

කෙසේ වුවත් ඉකුත් 19 වැනිදා නව අමාත්‍ය මණ්ඩල පත්වීමට සමගාමීව අමාත්‍යංශ ලේකම්වරුන් ද පත්කරනු ලැබූ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා ලේකම්වරයෙක් අලුතින් පත් කෙරුණේ නැත. එබැවින් ඒ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි පාලිත මහීපාල මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස රාජකාරි කරණු ලැබිණි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්වීම සඳහා නිලධාරින් පස් දෙනකු අතර තරගයක් තිබී ඇත.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ද වෛද්‍ය වෘත්තිකයන් වන නිසා සෞඛ්‍ය ලේකම් ධුරයට වෛද්‍යවරයකු නොවන පරිපාලන නිලධාරික පත් කිරීමට ආණ්ඩුවේ බලධාරීන් තීරණය කර ඇත.

Exit mobile version