Site icon Newshub

රජයේ නිල නිවාස 5කට ඉබි යතුරු දමා මන්ත්‍රීවරු රටින් ගිහින්

පසුගිය ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු පස් දෙනෙක් රජයේ නිල නිවාස ආපසු භාර නොදී ඒවාට ඉබි යතුරු දමා විදේශගතව තිබෙනවා.

මේ නිසා එම නිවාස අලුත් වැඩියා කිරීමට හෝ නවක මන්ත්‍රීවරුන්ට භාරදීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

මාදිවල මන්ත්‍රී නිවාස සංකීරණයේ නිවාස ලබා ගැනීම සඳහා මේ වන විට නවක මන්ත්‍රීවරුන් රැසක් ඉල්ලුම් කර තිබෙන අතර ඔවුන්ගෙන් සුදුසුකම් සම්පූර්ණ කළ මන්ත්‍රීවරුන්ට ලබන මස 03 වැනිදා වන විට නිල නිවාස ලබාදෙන බවට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය එකඟත්වය පළ කර තිබේ.

කෙසේ හෝ නොයෙකුත් අඩුපාඩුකම් සහිතව ආපසු ලබාදී ඇති නිවාස මෙන්ම මෙලෙස නිවාස භාර නොදී මන්ත්‍රීවරු විදේශගතවීම නිසා නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීමේදී ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇතැයි ඉහත නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version