Site icon Newshub

පාරිභෝගිකයන් අපහසුතාවයට පත් නොකර ගෑස් දෙන්න – ජනපති ලාෆ් ගෑස් සමාගමට කියයි

හිඟයකින් තොරව ගෑස් සැපයුම සහතික කිරීමට අදාළ කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලාෆ් ගෑස් සමාගමට උපදෙස් ලබා දී ඇත.

රට පුරා ලාෆ් ගෑස් හිඟයක් පවතින බවට පසුගිය කාලයේදී ජනමාධ්‍ය මගින් ගෙන ගිය ප්‍රචාරය හේතු කොට ගෙන ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

කිසි ලෙසකින්වත් පාරිභෝගිකයන් අපහසුතාවයට පත් නොකර ඔවුන්ට අවශ්‍ය ගෑස් ප්‍රමාණය අඩුවකින් තොරව සැපයීමට වග වගබලා ගන්නා ලෙසද ජනාධිපතිවරයා එම සමාගමෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමෙන් අප කළ විමසුමකදී එහි නිලධාරියෙක් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ ගෑස් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බැවින් ඉන් අනතුරුව හිඟයකින් තොරව ගෑස් ලබාදීමට හැකිවනු ඇති බවයි.

Exit mobile version