Site icon Newshub

හිටපු අමාත්‍ය මනූෂ ට මිනිස් ජාවාරම් චෝදනා ?

පසුගිය රජයේ හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රශ්න ගත E8 වීසා ක්‍රමය යොදා ගනිමින් අයථා ලෙස මූල්‍යමය ලාභ උපයා ඇතැයි සැක සහිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු අමාතවරයා, කැබිනට් පටිපාටියට පටහැනිව යමින් සිදු කළ මෙම ක්‍රියාවන් හේතුවෙන් කොරියානු E8 වීසා ගැටලු‍ව උද්ගතව ඇති බව කෝසල වික්‍රමසිංහ මහතා අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේය.

කොරියානු E8 වීසා කාණ්ඩය යටතේ තමන්ව ලියාපදිංචි කර නොගන්නා බව පවසමින් රැකියා බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද තුන්වන දිනයටත් ක්‍රියාත්මකයි. ඊයේ රාත්‍රීයේත් එම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශය අසල රැඳී සිටි අතර, මේ වන විටත් එම පිරිස එම ස්ථානයේ සිටින බවවාර්තා වන අතර අදාළ පිරිස සිය ගැටළුවට විසදුම් ඉල්ලා අද උදෑසන විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබුණි.

Exit mobile version