Site icon Newshub

සජබට නායකත්ව මණ්ඩලයක් : විපක්ෂනායක ධූරය හර්ෂට ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇති බව සති අන්ත දේශය පුවත්පත වාර්තා කරයි.

පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා සිටියදී නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ මගින් මැතිවරණ සඳහා මුහුණදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇතැයි දැනගන්නට ඇති බවද එම පුවතේ සඳහන් වෙයි.

මේ සම්බන්ධ යෝජනාව නිල නොවන මට්ටමින් දැනට සාකච්ඡාවට ගෙන තිබුණ බවද වාර්තා කර ඇති අතර එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

නායකත්ව මණ්ඩලය සඳහා සුදුසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ජනප්‍රිය නායකයන් ගණනාවක් සිටින බැවින් ඒ සඳහා ඔවුන් පත්කළ යුතු බව මෙම අදහස ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත. එසේම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කළ යුතු බවටද යෝජනා වී තිබේ.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය වාර්තා වෙයි. පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා සිටියදී නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ මගින් මැතිවරණ සඳහා මුහුණදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇතැයි දැනගන්නට ඇත. මේ සම්බන්ධ යෝජනාව නිල නොවන මට්ටමින් දැනට සාකච්ඡාවට ගෙන තිබේ. නායකත්ව මණ්ඩලය සඳහා සුදුසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ජනප්‍රිය නායකයන් ගණනාවක් සිටින බැවින් ඒ සඳහා ඔවුන් පත්කළ යුතු බව මෙම අදහස ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත. එසේම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කළ යුතු බවටද යෝජනා වී තිබේ.

Exit mobile version