Site icon Newshub

පොලීසියේ මැදිහත්වීමෙන් වේයන්ගොඩ නිධන් හෑරීම ඇරඹේ.! (VIDEO)

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිසිය සහ රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් එක්ව වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට අයත් භූමියක නිධානයක් ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.

ඊයේ (21) ආරම්භ කළ මෙම කැණීම් කටයුතු අද දිනයේ ද ක්‍රියාත්මක වේ.

මෙම ස්ථානයේ නිධානයක් ඇති බවට ප්‍රචාරය වීම නිසා එය ගැනීමට දිගු කාලයක සිට රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් පැමිණ නීති විරෝධී ආකාරයට උත්සාහ කර තිබේ.

ඒ අනුව පසුගිය කාලයේ නිධානය ගැනීමට උත්සාහ කළ චීවරධාරියකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත

නිධානය ලබා ගැනීමට විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් පැමිණීම හේතුවෙන් පොලිසිය එය නැවැත්වීමට නිරතුරුවම කටයුතු කිරීමට සිදුවීම නිසා ඒ සම්බන්ධව පොලිසිය අත්තනගල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ .

එම කරුණු සැලකිල්ලට ගෙන
අත්තනගල්ල අධිකරණය මගින් වියන්ගොඩ පොලිසියටලබා දී ඇති උපදෙස් මත ඊයේ (21) දින මෙම කැණීම් කටයුතු ආරම්භ කර ඇත.

පොලිසිය. පොලිස් විශේෂ කාර්ය බලකාය . රජයේ රස පරීක්ෂක කාර්යාලය. මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව. මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් පනහකට අධික පිරිසක් මෙම කටයුතුවල නිරතව සිටි.

පැය ගණනාවක් තිස්සේ කැණීම් කටයුතු සිදු කළත් අද දහවල් වන තෙක් නිධානයක් හෝ ඒ සම්බන්ධව කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බව එම කැණීම් කටයුතුවල නිරතව සිටින නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය නිලධාරීන් එක්ව සිදුකරන මෙම සුවිශේෂී කටයුත්ත නැරඹීම සඳහා ප්‍රදේශයේ අති විශාල ජනකායක් එම ස්ථානයට එක් රොක් වී සිටිති.

Exit mobile version