Site icon Newshub

වෘත්තීය සමිති නැවත අවශ්‍ය වෙන්නේ නැහැ – මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද ජයසිංහ මහතා අද (22) එම අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කළේය.

මේ අවස්ථාවට අමාත්‍ය මහචාර්ය අනිල් ජයන්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වු කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා,

“මේ රටේ පොදුජනතාව අපෙන් අපේක්ෂා කරපු පෝසත් රටක්, ලස්සන ජීවිතයක් ඒ ක්‍රියාවලියට අනුගත වෙමින්, කම්කරු අමාත්‍යාංශය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහෝදරයා සමග එකතුවෙලා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සමග අත්වැල් බැඳගෙන ඒ වගේම මේ රටේ වෘත්තීය සමිති සමග ඉතා සුහදව එකතුවෙලා අවබෝධයෙන් කටයුතු කරමින් මේ රටේ වැඩකරන ජනතාවට වඩාත් හොඳ රටක් ගොඩනගන්න අවශ්‍ය කරන පියවර ගන්න අපි සුදානම්. අපි ඒ දේශපාලනයේ නියැලෙමින් ඉන්නේම කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයකට නෙමෙයි. අපේ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ සියලු ජනතාවට වඩාත් හොඳ ජීවිතයක් ළඟාකර දීම.”

ප්‍රශ්නය – මහින්ද ජයසිංහ කියන යුගයක් තිබුණා වෘත්තීය සමිති එක්ක බැලුවහම…මීට පස්සේ එහෙම යුගයක් ඇති නොවෙයි ද ?

“අවශ්‍ය වෙන්නේ නෑ. මේ ආණ්ඩුව නියෝජනය කරනවා වෘත්තීය සමිති නායකයින් රැසක්. අපි හිතනවා වෘත්තීය සමිතිවලට ආණ්ඩුව සමග සුමට ලෙස ගනුදෙනු කරමින් ප්‍රශ්න විසඳාගන්න පුළුවන් වෙනත් යටි දේශපාලන අරමුණුවලින් තොරව ගනුදෙනු කරනවා නම්.”

Exit mobile version