Site icon Newshub

සජිත්ගේ ආසනය අරක්ගත් නවක මන්ත්‍රීට ධූරය අහිමිවෙන ලකුණු !

යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුන් රාමනාදන් ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවදානමක් මතුව ඇති බව දෙමළ මාධ්‍ය පුවත්පත් වාර්තා කරයි.

ඒ වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් සේවය කරමින්ම සිටියදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලෙස දිවුරුම් දීම හේතුවෙනි.

මෙරට නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයේ රැකියාවක නියැලෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකිය.

මෙම තත්ත්වය මත ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර මෙය ඉදිරියේදී නීතිමය නීතිය හමුවේ අභියෝගයකට ලක්වනු ඇති බවද සඳහන් වෙයි.

මීට පෙර රාජිත සේනාරත්න මහතාද සිය වෘත්තියකින් ඉවත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම නිසා ධූරයෙන් ඉවත් කර ඇත.

10 පාර්ලිමේන්තුව ඊයේ දිනයේ ආරම්භ වූ අවස්ථාවේ එහි විපක්ෂ නායක අසුනේ අසුන්ගෙන පාර්ලිමේන්තු නිලධාරියකු වචන හුවමාරුවක පැටලුණේද මෙකී මන්ත්‍රීවරයාය.

Exit mobile version