මින් ඉදිරියට අති සුඛෝපභෝගී වාහන කිසිවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා නොදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසීම් දායක වාහනයක් ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ජනතා මුදල් නාස්තිය අවම කිරීම සඳහා මෙවැනි තීරණයක් ගත් බව ඇමතිවරයා සඳහන් කළේය
අති සුඛෝපභෝගී වාහන වෙනුවට ඉන්ධන පිරුමැසුම් දායක වාහනයක් භාවිත කරමින් ජනතාවට සේවය කළ හැකි බව පෙන්වා දෙන ඇමතිවරයා මෙරට ඉතිහාසය පුරාවට මහජන නියෝජිතයින් අති සුඛෝපභෝගී වාහන පාවිච්චි කරමින් මහජන මුදල් විශාල ලෙස විනාශ කර තිබෙන බව පෙන්වා දුන්නේය.
Vitz කාර් එකක් ලක්ෂ 12කට – අවුරුදු 10කින් හැම ගෙදරකටම වාහනයක් – නලින් හේවගේ