නොවැම්බර් මස 19 සිට 21 දක්වා චීන තානාපති Qi Zhenhong උතුරු සහ නැගෙනහිර පළාතේ සංචාරය නිරතවෙමින් මුදල් සහ එම ප්‍රදේශ වල ජිවත්වන වැසියන්ගේ ජීවනෝපාය දියුණු කිරගැනීම සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක් සිදුකර තිබේ.
මෙම වසරේදී චීන රජය විසින් උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට රුපියල් බිලියන 1.5 ක මුළු වටිනාකමකින් යුත් නිවාස ඒකක, ධීවර දැල් සහ සහල් පරිත්‍යාග කරන ලදී.
ඒ අතර ඉකුත් 20 වැනිදා චීන තානාපති කාර්යාලය විසින් උතුරු පළාතට රුපියල් මිලියන 12ක් පරිත්‍යාග කරන ලදී.
එමෙන්ම නැගෙනහිර පළාතට රුපියල් මිලියන 8 ක අතිරේක පරිත්‍යාගයක් ලබාදීමටද තානාපති කාර්යාලය තවදුරටත් දායක වී තිබේ.
මෙරට චීන තානාපතිවරයා නැගෙනහිර පළාතේ මෙම දෙමළ ගම්මාන වලට පැමිණ, ගම්වැසියන්ට නිවාස ඉදිකිරීමට සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා විවිධ පරිත්‍යාග කරනු ලබන්නේ ඔවුන්ගේ ජීවිත අඛණ්ඩව වැඩිදියුණු වීම දැකීමට බව තානාපති කාර්යාලය සඳහන් කරනවා.