Site icon Newshub

ඉන්දීය ප්‍රකෝටිපති ගෞතම් අදානිට වංචා චෝදනා

ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිට එක්සත් ජනපදයේ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගෞතම් අදානි එක්සත් ජනපදයේ මුදල් රැස් කිරීම සඳහා ඩොලර් මිලියන 250 (පවුම් මිලියන 198) අල්ලස් ක්‍රමයක් සැලසුම් කර එය සඟවා තැබූ බවට චෝදනා එල්ල වී තිබේ. ඊයේ (20) නිව් යෝර්ක්හිදී ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයේ නඩු පවරන්නන් චෝදනා කර ඇත්තේ, වසර 20ක් පුරා ඩොලර් බිලියන 2කට වඩා වැඩි ලාබයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ඔහුගේ පුනර්ජනනීය බලශක්ති සමාගම සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීමට ඔහු සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ විධායකයින් ඉන්දියානු නිලධාරීන්ට ගෙවීම් කිරීමට එකඟ වූ බවයි.

එමෙන්ම, එක්සත් ජනපදය 2022 දී සමාගම විමර්ශනය කිරීම ආරම්භ කළ බවත්, පරීක්ෂණයට බාධා ඇති වූ බවත් නඩු පවරන්නන් විසින් අනාවරණය කර තිබේ. සමාගමේ අල්ලස් විරෝධී පිළිවෙත් සහ ප්‍රතිපත්ති හා සම්බන්ධ අසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශයන් මෙන්ම අල්ලස් විමර්ශනයේ වාර්තා මත විධායකයින් ඩොලර් බිලියන 3ක ණය සහ බැඳුම්කර රැස් කළ බවටද ඔවුහු චෝදනා ඉදිරිපත් කර ඇත.

අල්ලස් යෝජනා ක්‍රමය ඉදිරියට ගෙන යාම සඳහා අවස්ථා කිහිපයකදීම ගෞතම් අදානි රජයේ නිලධාරීන් පෞද්ගලිකව හමු වූ බව නිලධාරීන් පවසන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Exit mobile version