ලෝක ටෙනිස් ශූර ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සිය ක්රීඩා දිවියෙන් නිල වශයෙන් සමුගැනීම ප්රකාශකොට තිබේ.
ඒ පසුගියදා අවසන් වූ ඩේවිස් කුසලාන අවසන් මහා තරගයේ දී නඩාල් පිරිමි කණ්ඩායම් ඉසව්වෙන් පරාජයට පත්වීමෙන් ලද කම්පනයෙන් අනතුරුවයි. තමන් සිය වෘත්තීය ක්රීඩා දිවියෙන් සමුගන්නා බවට හෙතෙම නිල වශයෙන් දැනුම් දී තිබේ.
2024 වසරේ ඩේවිස් කුසලාන අවසන් මහා තරගය මලගාහි දී පැවැත්වුණු අතර එහිදී ස්පාඤ්ඤය නෙදර්ලන්තය හමුවේ පරාජයට පත් විය. ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක් දිනාගෙන ඇති ස්පාඤ්ඤයේ සුපිරි ක්රීඩක නඩාල්, ලකුණු වට 6-4ක් සහ 6-4 ක් ලෙස Botic van de Zandschulp හා Wesley Koolhof හමුවේ පරාජයට පත් විය.
වසර 20කට අධික කාලයක් තමන් වෘත්තීය ජීවිතයේ කටයුතු කර ඇති බවත් ඒ වෙනුවෙන් දිරිගැන්වූ සිය ආදරණීය ප්රේක්ෂකයින්ට ස්තුතිය පුද කරන බවත් හෙතෙම රැස්ව සිටි ප්රේක්ෂකාගාරයේ ක්රීඩා ලෝලීන් අමතමින් එහිදී නඩාල් සඳහන් කර තිබේ.