Site icon Newshub

රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රී කියලා පක්ෂය දැනෙගන තියෙන්නෙත් මාධ්‍යයෙන්

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගෙන ඇත්තේ එම පක්ෂයේ හෝ ඊට සම්බන්ධ සුළු පක්ෂවල එකඟතාවයකින් නොවන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ ලේකම් ධූරයේ බලතල පාවිච්චි කරමින් ඔහු විසින්ම ඔහුගේ නම ඇතුලත් කර ලිපිය සකසා ඔහුගේ අත්සනින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇති බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙවර මහා මැතිවරණයෙන් සමගිජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ධූර පහ ලබා ගැනීම සඳහා සුළු ජාතික පක්ෂ 04 ක්.
සහ පක්ෂයේ සභාපති ඉමිතියාස් බාකිර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර, ඩලස් අලහප්පෙරුම, ජි එල්.පිරිස්
සුජීව සේනසිංහ, තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය අතර සීතල යුද්ධයක් හටගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරාවට පක්ෂය අභ්‍යන්තරයේ විවිධ මත ගැටුම් මධ්‍යයේ සාකච්ඡා පැවැත්වුන අතර එම සාකච්ඡා පැවැත්වෙන අතරතුර රංජිත් මද්දුම බණ්ඩාර මහතා හිටි හැටියේම තමන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව ඉහත ආරංචි මාර්ග තහවුරු කරයි.

මැතිවරණයට ඉදිරිපත් වූ ඕනෑම දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයා විසින් තම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා පවතින නිර්ණායකයන්ට අනුව පුද්ගලයෙක් නම්කර එවීමෙන් පසු එම නම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය බව එහි ප්‍රකාශකයෙක් පැවසීය .

රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කර ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රධානීන්
බහුතරයක් දැනගෙන ඇත්තේ එම නම මාධ්‍ය වලින් ප්‍රචාරය වීමෙන් පසුව බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version