Site icon Newshub

සිලින්ඩරේ ඉතිරි මන්ත්‍රී ධුරය කංචනට දෙන්න – රනිල්ට ලිපියකින්ම ඉල්ලීමක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා පත්කරන ලෙස ඉල්ලමින් හිටපු ඇමතිවරු බහුතරයකගේ අත්සනින් යුතු ලිපියක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමි වූ අතර රවී කරුණානායක මහතා ඉක්මන් ධුරයක් ලබා ගැනීමෙන් පසු ඉතිරි මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පසුගිය දින තුනෙහි පැවති සාකච්ඡාවලින් පසු මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ මතුවිය හැකි අභියෝග ජය ගෙන විපක්ෂයේ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන ගෙන යෑමට නම් කංචන විජේසේකර වැනි පලපුරුදු දක්ෂ තරුණ නායකයකු පාර්ලිමේන්තුවට යැවීමේ වැදගත්කම එම ලිපිය මගින් පෙන්වා දී ඇත .

මේ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කංචන විජේසේකර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇතැයි එම පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.

Exit mobile version