Site icon Newshub

ලොවෙත් නැතිවෙන විදිහේ රටක් හදනවා – අමාත්‍ය වසන්ත සමරසිංහ

ජනතාවට හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට හැකි වටපිටාවක් ගොඩ නඟා සියලුදෙනාට සතුටින් ජීවත් විය හැකි රටක් ගොඩ නඟන බව වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

බිත්තර මාෆියාව පමණක් නොව ජනතාවගේ බොටුව මිරිකා සිටි සියලුමදෙනා සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ජනතාව තමන්ට බලය දී ඇති බැවින් එයට ඒ බලාපොරොත්තු ඉටුකරන රටක් ගොඩ නගන බවට අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියා.

ලබාදුන් ජනවරම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” ලොවෙත් නැති වෙන්න ජනතාව ලබා දීලා තියෙනවනේ. ඒ නිසා ලොවෙත් නැතිවෙන විදියේ රටක් හදලා පෙන්නනවා” යනුවෙන් කියා සිටියා.

Exit mobile version