නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට මෙවර මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු පත් කරන ලෙස යෝජනා වී ඇතත් මේ සම්බන්ධව අද 17 සවස් වෙනතෙක් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබේ.
මීට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ලබාගැනීමට උත්සාහ කිරීම නිසා බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මුලින්ම සඳහන්ව ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම සහ දෙවනුවට එම පක්ෂයේ මහ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මියගේ නමය.
නමුත් ෂර්මිලා පෙරේරා වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් ජාතික ලැයිස්තුමන්ත්රී ධූරය ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා ඒ සම්බන්ධව අවසන් එකඟතාවයකට පැමිණීමට තවමත් නොහැකි වී තිබේ
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මතුවන ඉදිරි අභියෝග වලට මුහුණ දී විපක්ෂයේ හඬ ඵලදායී ආකාරයට ගෙන යෑමට නම් දිනේෂ් ගුණවර්ධන සහ රනිල් වික්‍රමසිංහ යන පරිණත නායකයින් එහි සිටිය යුතු බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බහුතරයකගේ මතය වී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.