Site icon Newshub

නාමල් ට අසාධාරණයක් වෙලා – පක්ෂ ක්‍රියාකාරීන් ජනපති හමුවෙන්න යයි

ජාතික ජන බලවේගයේ ගොවි ජනතාවගේ නායකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට තරග කර වාර්තාගත මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් නාමල් කරුණාරත්න මහතා අද දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලයට පත් නොකිරීම සම්බන්ධව කුරුණෑගල පක්ෂ ක්‍රියාකාරීන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.

නාමල් කරුණාරත්න මහතා මෙවර මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ලබා ගැනීමට අදාළව වාර්තාවක් තබමින් මනාප ඡන්ද 356.969ක් ලබාගෙන තිබේ.

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කළ නාමල් කරුණාරත්න මහතා
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි.

නාමල් කරුණාරත්න මහතාට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කුරුණෑගල පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද හෝ හෙට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත

Exit mobile version