මෙරට ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජනයක් සහිත ව ජාතික ජන බලවේගය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී නාමාලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා තිබේ.
ඒ අනුව 2024 මහ මැතිවරණයේ ජාතික ජනබලවේගය පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු 18 දෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කර ඇත.
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනය කරමින් දුෂ්යාබාධිත උපාධී කාරී මණ්ඩලයේ සභාපති සමාජසේවා නිලධාරී වසන්ත ද සිල්වා මහතා ජාතික ජනබලවේගය මෙවර ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම විශේෂත්වයකි.
ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18 දෙනාගේ නාමලේඛනය මෙසේය.
1. ජවිපේ දේශපාලන මණ්ඩල සභිකජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක
2. කැළණිය විශ්ව විද්‍යාලයේ ගණිතය අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක
3. රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයේ හිටපු පිටාධිපති මහාචාර්ය උපාලි පන්නිලගේ
4. සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික එරංග උදේශ් වීරරත්න
5. විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජනබලවේගයේ විශ්‍රාමික හමුදා සමූහයේ ප්‍රධානි අරුණ ජයසේකර
6. සමාගම් අධ්යක්ෂ, ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
7. නාවුකා සහකාර ඉංජිනේරු, ජාතික ජනබලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනිත රුවන් කොඩිතුවක්කු
8. ඉංජිනේරු ව්‍යාපෘති කළමනාකාර ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
9. පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරකසභා සභාපති ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමාලිංගම් චන්ද්‍රසේකර්
10. සමාජ ක්‍රියාකාරි, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලා මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වෛද්‍ය නජිත් ඉන්දික
11. ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න
12. ජාතික ජනබලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභීක නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර
13. වරලත් ගණකාධිකාරී ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, ආර්ථික කවුන්සිල
සාමාජික ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති sunil කුමාර ගමගේ
14. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක
15. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
16. සමාජ සේවා නිලධාරී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා
17. දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරී, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිධාරී, ලංකා ගුරුසේවා සංගමයේ උපලේකම් අබුබකර් ආදම්බාවා
18. වන්නි මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක ජාතික ජන බලවේගයේ වවුනියාව දිස්ත්‍රික් සංවිධායක ආර්. එච්. උපාලි සමරසිංහ