සර්ව ජන බලය පක්ෂයට මෙවර මහා මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්රී ධූරය සඳහා එම පක්ෂයේ නායක දිලිත් ජයවීරව මහතා නම් කර තිබේ.
දිලිත් ජයවීර මහතාගේ නම සර්වජන බලය පක්ෂයේ මහ ලේකම් නීතිඥ රංජන් සෙනෙවිරත්න මහතා විසින් අද (17) දහවල් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇත.
සර්ව ජන බලය පක්ෂයෙන් දිලි ජයවීර මහතා ප්රමුඛ කණ්ඩායමක් මෙවර මැතිවරණයට තරග කළද ඔවුන්ට එකම ආසනයක්වත් ජයග්රහණය කිරීමට නොහැකි විය.
සර්වජන බලය පක්ෂය මෙවර මැතිවරණයෙන් ඡන්ද 178006 ක් ලබාගත් අතර ඒ සඳහා එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය හිමිව තිබේ.