තමන් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
නාවලපිටිය පක්ෂ මෙහෙයුම් කාර්යාලයේදී තම පාක්ෂිකයින් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.
දශක 7ක කාලයක් අලුත්ගමගේ පරපුර කළ සේවාව තවදුරටත් අවශ්‍ය නොවන බව පසුගියදා පැවති මැතිවරණයෙන් මහනුවර ජනතාව තීරණය කර ඇති හෙයින් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටියා.
1993 වසරේ පළාත් සභා මැතිවරණයෙන් දේශපාලනය ආරම්භ කල දින පටන් තමන්ට හැකි උපරිම ශක්තියෙන් මහනුවර ජනතාවට සේවය කර ඇති බවත් ඒ මහතා කියා සිටියා.