Site icon Newshub

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනයක් නිකුත් කරයි.

රුපියල් බිලියන පහකට අධික වැට් බදුගෙවීම පැහැර ඇති මෙන්ඩිස් සමාගම ලබන 30 වැනිදාට පෙර එම බදු මුදල් ගෙවිය යුතු බවට වන අවසන් නිවේදනය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම සමාගම් වෙත යොමු කර ඇත.

මේ වන විට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල මුදල රුපියල් කෝටි අටසිය පනහක් බව
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය වසරේ සිට මේ දක්වා එම සමාගම් විසින් ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල රුපියල් කෝටි 850ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය වසරේ සිට මේ දක්වා එම සමාගම් විසින් ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 180ක් ඉක්මවන බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

මෙම මස තිස් වැනිදාට පෙර හිඟ බදු මුදල් නොගවන මත්පැන් නිෂ්පාදන සමාගම් වලට නීතිමය පියවර ගැනීමට සුරාබදු දෙපාර්තු මේන්තුව තීරණය කර ඇති අතර ඒ බවගෙවීම් පැහැර හැර ඇති සමාගම් වෙත දැනුම් දී තිබේ.

මෙන්න සමාගම විසින් ගෙවීම් පැහැර හැර ඇති රුපියල් බිලියන පහකට අධික වැඩබදු මුදල මෙම මස 30 වැනිදාට පෙර නොගවන්නේ නම් මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව එම සමාගම් වෙත දැනුම් දී ඇත.

වැඩබදු ගෙවීම් පැහැර හැර ඇති මෙන්ඩිස් සමාගමේ වැලිසර පිහිටි නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

බදු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මේ වන විට මෙන්ඩිස් සමාගමේ හිමිකරුවන අර්ජුන ඇලෝසියස් ඇතුළු අධ්‍යක්ෂවරු තිදෙනෙක් බරපතල වැඩ සහිත සිරගත කොට ඇත.

Exit mobile version