Site icon Newshub

අපේ සටන පටන් ගන්නේ 14 වැනිදායින් පසුවයි – හිටපු ජනපති

අපේ සටන පටන් ගන්නේ නොවැම්බර් 14 වැනිදායින් පසුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සියලු මැතිවරණ කොට්ඨාස එකවර අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

දේශපාලනික මඩ ගැසීමෙන් තමා නගන ඇත්ත ආර්ථික ප්‍රශ්න යට ගසන්නට හදන්න එපා යැයි කී රනිල් වික්‍රමසිංහ මහතා රටට අනාගතයක් අවශ්‍ය නම් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදී පළ පුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරන්නයි ඉල්ලා සිටින බවද කීය.

එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද මෙසේද කීය.

තව දින කිහිපයකින් අප අලුත් පාර්ලිමේන්තුවක් තෝරා ගන්නවා.නව ජනාධිපතිවරයෙක් පත්වී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විට තම ප්‍රතිපත්තිය කුමක්දැයි රටට කියන්නට ජනාධිපතිට යුතුකමක් තිබෙනවා.ජනාධිපතිවරණයට පෙර අයි.එම්.එෆ් ගිවිසුම ප්‍රතික්ෂේප කරපු මාලිමාව දැන් අයි.එම්.එෆ් හමුවී ඒ අනුව ක්‍රියා කරන්නට සාකච්ඡා කරනවා.

ඔවුන්ගේ සංශෝධන තිබෙනවාද කියා අප දන්නේ නැහැ.එමෙන්ම අයිඑම්එෆ් එකඟතාවයත්,ආණ්ඩුවේ ප්‍රතිපත්තියත්,රජයේ ඉදිරි දැක්ම සහ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා රටට පැහැදිලි කිරීමක් කළ යුතුයි.

මේ පිළිබඳව ප්‍රකාශ කරනවා වෙනුවට ජනාධිපතිවරයාගේ රාජකාරිය වී තිබෙන්නේ අනෙක් අයට දෝෂාරෝපණය කිරීම සහ මඩගැසීම පමණයි.එදා රාජපක්ෂලත් ක්‍රියා කළේ මේ අනුව තමයි

Exit mobile version