Site icon Newshub

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට සුසී විල්ස් පත් කෙරේ.

අමෙරිකානු ජනාධිපතිවරයා වශයෙන් දෙවැනි වරටත් ධුරයට පත් රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධවල මන්දිරයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානිය ලෙස සුසී විල්ස් පත්කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ප්‍රචාරක කළමනාකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු වන සුසී විල්ස් මෙලෙස පත් කර ඇති බවත් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණීමෙන් පසු කරන ලද පළමු පත්කිරීම ද මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයාගේ කාර්‍යය මණ්ඩලය ප්‍රධානියා වශයෙන් සුසී විශාල වශයෙන් දේශපාලනික බලපෑමක් එකී යාන්ත්‍රණයට සිදු කරනු ඇති බවත්‍, 67 හැවිරිදි විල්ස් ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කරන පළමු කාන්තාව වන බවද වාර්තා වේ.

“සුසී දැඩි, බුද්ධිමත්, නව්‍ය, සහ විශ්වීය වශයෙන් අගය කරන සහ ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියක්.. ඇය අපේ රට ආඩම්බරයට පත් කරනු ඇති බවට මට සැකයක් නැහැ..” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයට ධුරය ප්‍රදානය කරමින් පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Exit mobile version