Site icon Newshub

දැන් මොකටද වැඩ වර්ජන කරන්නේ? – නිපුණාරච්චි කියපු බය හිතෙන කතාව

වෘත්තීය සමිති විසුරුවා හරින බවට තමන් ප්‍රකාශ නොකළ බව ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චි පවසනවා.

මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

දරුවන් පාසලට යනවිට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනය කරන බවත්, රෝහලට ගිය විට වෛද්‍යවරුන් සහ හෙද සේවය වර්ජනය කරන බවත් ගමනක් යාමට ගියවිට ගමනාගමන මණ්ඩලයේ හා පෞද්ගලික බස් සේවය වර්ජනය කරන බවත් කුමක් හෝ හේතුවක් මත සෑමදිනකම වර්ජන පවතී බවත් ඒ මහතා කියා සිටියා.

මේවනවිට තමන්ගේ ආණ්ඩුවක් පත්ව ඇති බැවින් වර්ජනය කිරීමට හේතුවක් නැති බව පවසන ඒ මහතා විරුද්ද්ගව තමන් වර්ජනය කිරීමෙන් ඵලක් නැති බව කියා සිටියා.

අද උපදින දරුවන්ට තව අවුරුදු 15කින් පමණ “පුතේ ස්ට්‍රයික් කියන්නේ මෙන්න මේවට” යනුවෙන් කියාදීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටියා. ඒ වනවිට වෘත්තීය සමිති අවශ්‍යතාවක් නොමැති බවට තමන්ගේ ප්‍රකාශයට ඇතැමුන් බියවී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

 

Exit mobile version