Site icon Newshub

ගල්තැන්නේ කපුවාට අයත් වාහන අංගනයක සුපිරි වාහන 12ක් – නීත්‍යානුකූල තොරතුරු සොයා පොලිසියෙන් වැඩිදුර විමර්ශන

නිත්‍යානුකූල නොවන අධි සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින ගාමිණී ආනන්ද හෙවත් දේව ගැතිවරයාට අයත් වාහන අංගනයක තිබී සොයාගන්නා ලද වාහන 12 ක ලියාපදිංචිය සහ අනෙකුත් නීත්‍යානුකූල තොරතුරු ලබා දෙන ලෙස පොලිස් විමර්ශන කණ්ඩායම මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම දේවගැතිවරයා සතුව තිබී ව්‍යාජ අංක තහඩු සහිත රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී වාහනයක් තෙල්දෙණිය පොලිසිය විසින් පසුගියදා සොයාගෙන තිබේ.

මේ වන විට දේවගැතිවරයාගේ වාහන අංගනයේ අධික වටිනාකමකින් යුත් මොන්ටෙරෝ, ඩිෆන්ඩර්, ප්‍රාඩෝ, කාර්, වැනි වාහන තිබෙන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

Exit mobile version