ඉන්ධන මිල පාලනය සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බව ජනපති අනුර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සිරස රූපවාහිනිය සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ දැනට රට පුරා බෙදා හරින සියලු ඉන්ධන, තම රජය යටතේ ගෙනවන ලද තෙල් නැවූ නොවන බවයි.
පසුගිය රජයන් විසින් මෙරට තෙල් වෙළඳාමට කැඳවන ලද සමාගම් කිහිපයක් ඔවුන්ට තෙල් වෙළඳාමෙන් අලාභයක් සිදුවුවහොත් මෙරට රජයෙන් අය කර ගැනීම සඳහා ගිවිසුම්ගත වී තිබෙන බවද පවසන ජනාධිපතිවරයා එවන් එක් සමාගමක් දැනටමත් අලාභය රජයෙන් ඉල්ලා ලිඛිතව දැනුම් දී ඇති බවද කියා සිටියේය.
එනිසා ඉන්ධන මිල පාලනය සම්බන්ධයෙන් මැදිහත්වීම අසීරු කටයුත්තක් බවද පෙන්වා දෙයි.