මෙම වසරේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් අද(05) සිට ලබන 30 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ බාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අයදුම්පත් ඉදිර්පත් කලහැකි බව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටින අතර ඊට අදාල උපදෙස් සහ අයදුම්පත විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.
අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් පසු අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගන්නා ලෙසත්, කිසිදු හේතුවක් මත අයදුම්පත් බාරගැනීමේ දිනය දීර්ඝ නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.