පොල් හිගයට සහ මිල ඉහළ යාමට විසදුම් ලෙස වෙළදපළේ අලෙවිකිරීමට ඇති පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතයට ගැනීමට පාරිභෝගිකයන් වැඩිවශයෙන් උනන්දු විය යුතු බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
පොල් පරිභෝජනයෙන් සියයට 60කට වැඩි ප්රමාණයක් ගෘහස්ථව පරිභෝජනය කරන බවත්, පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතය තුළින් අද වන විට පොල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට යම්තාක් දුරකට විසදුම් ලබාගත හැකි බවයි එම අධිකාරිය සදහන් කරනවා.
මේ වනවිට වෙළදපළේ පොල් ගෙඩියක මිල රුපියල් 120 සිට 180 දක්වා මිල ගණන් අතර පවතින අතර ඇතැම් ප්රදේශවල පොල් ගෙඩියේ ප්රමාණය අනුව මිල තීරණය කෙරෙන බව වාර්තා වනවා.