Site icon Newshub

සජබ අපේක්ෂකයකුට මිරිස් කුඩු ගසා පොලු වලිනුත් ගහලා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයට තරග කර කරන මැතිවරණ අපේක්ෂකයෙකු වන නීතිඥ ඉන්දික අත්තනායක මහතාට කිසියම් පිරිසක් විසින් මිරිස් කුඩු ගසා පොලු වලින් පහර දී තිබේ.

පහර දෙන අවස්ථාව වන විට රියදුරු සහ ඉන්දික අත්තනායක මහතා පමණක රිය තුළ සිට ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මොනරාගල දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර තිබේ.

දඹගල්ල මැදගම මාර්ගයේ හයේ කණුව බූසලකන්ද ප්‍රදේශයේදී මෝටර් රථය නවත්වා මෙම පහරදීම සිදුකර ඇති බව දඹගල්ල පොලිසියේ ස්ථානාධිපති ජී. එස්. අයි. ගිණිගේ මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version