Site icon Newshub

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතා පත්කර තිබෙන අතර ඒ මහතා අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාරගෙන ඇත.

වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සුනිල් ජයරත්න මහතා එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කර තිබෙන අතර ඔහු වසර තුන හමාරක පමණ කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සේවය කර ඇත.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.

Exit mobile version