Site icon Newshub

ගංවතුරෙන් විපතට පත්වූවගේ සුවදුක් විමසීමට ගිය ආණ්ඩුවේ ප්‍රබලයින්ට මඩ ප්‍රහාර

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ දී එරට රජුට සහ රැජිණට මෙන්ම, අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස්ට නගර වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය හමුවේ ගංවතුරෙන් වැලෙන්සියා නගරය බලපෑමකට ලක්වී දින 04කට පසු ජනතාවගේ සුවදුක් විමසීමට ඔවුන් පැමිණ සිටි බවත්, එහිදී ජනතාව විසින් රාජකීය යුවල වෙත විරෝධය දක්වන අතරතුර මඩ ප්‍රහාරයක් ද එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී ආරක්ෂක අංශ විසින් රාජකීය පවුල එම ප්‍රදේශයෙන් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කර ඇත අතර, ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස් ගමන් කළ මෝටර් රථයට ද පුද්ගලයකු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

මේ වන විට ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version