Site icon Newshub

ශීත සෘතුව එළඹීමත් සමඟ ස්විස් වැසියන් මෙරටට

ශීත ඍතුව එළඹීමත් සමග ම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක මංගල ගුවන් යානය (Inogaral Flight) අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම මංගල ගුවන් ගමන සඳහා ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර ගුවන් යානය ජල ආචාර (Water Salute) පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා.

ඊඩ්ල්වයිස් ( edelweiss ) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 68 මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පන්තියේ ගුවන් මගීන් 17 දෙනෙකු සහ පිරිමැසුම්දායක පන්තියේ ගුවන් මගීන් 221 දෙනෙකු සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 13ක් වශයෙන් 251 දෙනෙකු පැමිණ තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට ඍජු ගුවන් ගමනක යෙදෙමින් සතියේ සෑම සිකුරාදා දිනකම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම යානය එදිනම උදෑසන 10.05 ට මාලදිවයින මාලේ නුවර ඔස්සේ ආපසු සූරීච් නුවර බලා පිටත්ව යාමට නියමිතයි. ඊඩ්ල්වයිස් ගුවන් සේවා යානා එළඹෙන 2025 වසරේ ජනවාරි මස සිට සතියකට දින දෙකක් (සිකුරාදා සහ ඉරිදා) සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර මෙම ගුවන් යානා එළඹෙන 2025 වසරේ මැයි මාසය තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Exit mobile version