ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ කළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා පැවති ජනරැළියක් අමතමින් අගමැතිවරිය මේ බව කියා සිටියා.
අපි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මේ මොහොත එනතුරුයි. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. අද වෙනකොට මේ රටේ වෙනස් කිරීමේ කාර්යය අපි ආරම්භ කර තිබෙනවා. අපට කිසිම කලබලයක් නෑ. මේ වෙනකොට ඔබලාට පේනවා ඇති සමහර අය කලබල වෙලා එක එක දේවල් කියනවා.
ඒකට කමක් නෑ ඒ අයට වෙන කරන දෙයක් නැති බව අපි දන්නවාඅපි මේ රටේ බලය ලබාගන්න කටයුතු කළේ සැලසුමක් ඇතිවයි මේ රට හදන්න සැලසුමක් ඇතිවයි ඒ ගැන අපි ජනතාව සමග කතා කළාඇති වී තිබෙන ප්‍රශ්න සැලසුම් සහගතයි විසඳන්න ක්‍රමානුකූලව අපි කටයුතු කරනවා.
අපිට කලබලයක් නෑ සැලසුමක් ඇතුව ක්‍රමානුකූලව අප මේ රට වෙනස් කරනවා. ඒ සඳහා අපට විධායක බලය විතරක් තිබිල මදි පාර්ලිමේන්තු බලයත් අවශ්‍යයි යැයි අගමැතිනිය කීවාය.