Site icon Newshub

විවාහක රූ රැජින ගැන අධිකරණයෙන් තීන්දුවක්

2021 වසරේ විවාහක රූ රැජින කිරුළ නැවතත් පුෂ්පිකා ද සිල්වා වෙත ලබාදීමට ගල්කිස්ස දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

2021 වසරේදී පැවති විවාහක රූ රැජින තේරීමේ අවසාන මහා තරඟයේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ ලබාදුන් අතර නැවත වතාවක් එම අවස්ථාවේදීම වේදිකාවේදීම එය ඉවත් කිරීමට ඊට පෙර හිටපු විවාහක රූ රැජින කැරොලයින් ජූරි මහත්මිය කටයුතු කරනු ලැබුවා.

ඉන් අනතුරුව එම තරඟයේ සංවිධායකයින් විසින්ද එම කිරුළ ඇයගෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබූ බව මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියා.

පසුව පුෂ්පිකා ද සිල්වා මහත්මිය එම තීරණයට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කර තිබුනා.

එම නඩුව වසර දෙකක් පුරාවට විභාග කෙරුණු අතර පසුගියදා එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගල්කිස්ස දිසා අධිකරණය නියෝග කළේ 2021 වසරේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා පත්කරන ලෙසයි.

 

Exit mobile version