Site icon Newshub

ඩඩ්ලි දෙනවා කිවුව හාල් කෝ???

සහල් මෝල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මෑතකදී පාලන මිලට සහල් දීමට තමන් සුදානම් බව පැවසුවත් මේ වනවිටත් එය සිදුනොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මේ වනවිට රටේ පවතින සහල් හිඟය සෑම වසරකම සහල් මෝල් හිමියන් විසින් කෘතිමව ඔක්තෝම්බර් මාසයේ සිට ජනවාරි මාසය දක්වා සකසන එකක් බවත් ඒ සම්බන්ධයෙන් රජය මේ දක්වා කිසිඳු මැදිහත්වීමක් කර නොමැති බවත් ඒ මහතා කියා සිටියා.

රටේ පවතින සහල් මාෆියාව බිඳහෙලන තුරු එහි මිල ස්ථාවර කිරීමට නොහැකි බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

මේ වනවිට පවතින නාඩු සහල් හිඟයත් කෘතිමව සදා ඇති බවත් නාඩු සහල් වී ලෙස සහල් මෝල් හිමියන්ගේ ගබඩා වල ඇති බවත් ඒවා සහල් කර වෙළඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් නාඩු සහල් හිඟය ඇතිව තිබෙන බවත් පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා රජය මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර නැති බව කියා සිටියා.

මේ අතරම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව මෙන්ම ඉතා කෙටි කාලයක් තුළ ලබාගත් විශාල ණය සම්බන්ධයෙන්ද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වා සිටියා.

 

Exit mobile version