Site icon Newshub

ණය ගන්නේ නැතුව ආණ්ඩුවක් කරන බව අපි කියලා නෑ – ලාල් කාන්ත

ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ණය නොගෙන ආණ්ඩුවක් කරන බව ජනපතිවරයා, මන්ත්‍රීවරයෙකු හෝ වෙනත් කිසිම කෙනෙකු ප්‍රකාශ කර ඇත්නම් ඒ බව සාක්කි සහිතව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික, මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී ලාල්කාන්ත පවසනවා.

වත්මන් ආණ්ඩුව විශාල ලෙස ණය ලබාගත් බවට චෝදනා කරන අයට තමන් මෙම අභියෝගය කරන බව ද ඒ මහතා කීය.

මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා මෙසේද ප්‍රකාශ කළේය.

‘ණය අපරාධයක් නෙවෙයි. ණය අවශ්‍යයි. ණය හොරකමට, වංචාවට, දූෂණයට නාස්ති නොකර නිවැරදි ලෙස අයෝජනය කරන්න ඕන කියන එක තමයි ජනපතිවරයා ප්‍රකාශ කළේ. ගන්න ණය හරි විදිහට යොදවන්න ඕන. ඒකයි අවශ්‍යය වෙන්නේ.

අපිට ණය නොදී ජත්‍යන්තර මූල්‍ය අරමුදල හැරිලා ගියොත් කියන්නේ ඒ අය මේ ආණ්ඩුව අතහැරියා කියලයි. මාලිමාවේ ආණ්ඩුවක් ආවම ඒ අය හැරිලා යයි කියලා සමහරු බලාගෙන හිටියා. අපි රාජ්‍යතාන්ත්‍රිකව වැඩ කරන්නේ. චෝදනා කරන අයට මම කියන්නේ ණය හරිදේට යොදවනවාද නැද්ද කියලා බලන්න. ඒවා නාස්ති කරනවා නම් චෝදනා කරන්න. එහෙම නැතුව ණය ගැනීම වරදක් ලෙස පෙන්වන්න උත්සහ කරන්න එපා.

Exit mobile version