Site icon Newshub

පාස්කු ඉරිදා ප්‍රහාරය, බැඳුම්කර නිකුතුව ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කෙරේ

මෙරට මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස් ලබා දී තිබෙනවා.

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය, ලලිත් – කූගන් අතුරුදන්වීම ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Exit mobile version