Site icon Newshub

තැපැල් දිනය වෙනුවෙන් හරිනිගේ සහ විජිතගේ රුව සහිත මුද්දර දෙකක් නිකුත් කෙරේ

150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව රැගත් මුද්දර දෙකක් නිකුත් කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේ පැවැති 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී මෙම මුද්දර දෙක නිකුත් කර තිබීම විශේෂත්වයක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර සමරු තිළිණ පමණක් වන බවය.

ඒ අනුව එය හුදෙක් සිහිවටනක් පමණක් බව තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

තවද එම නිවේදනය මඟින් දක්වා ඇත්තේ, මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බවය.

එසේම ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති රුවක් යොදා පුද්ගලකාරක මුද්දර මුද්‍රණය කර ගැනීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන් හිදී පුද්ගලකාරක මුද්දර සිහිවටන ලෙස ලබාදීම සිදුකරන බවත් එහි සඳහන්ව තිබේ. 

ලෝක තැපැල් දින ජාතික සැමරුම ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී පැවැති අතර ඒ සඳහා අගමැතිනී හරිනි අමරසූරිය සහ විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි විය. 

එහිදී විශ්ව තැපැල් සංගමයේ 150වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කෙරුණු අතර අගමැති හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර දෙකක්ද ප්‍රදානය කෙරිණි.

Exit mobile version