Site icon Newshub

නුවරඑළිය තැපැල් කාර්යාලය සුපිරි හෝටලයක් කිරීමේ රනිල්ගේ කූඨ උපාය පරාදයි.! දිගටම තැපැල් කන්තෝරුවක් විතරයි – ඇමති විජිත හේරත් රටට කියයි

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) කියා සිටියා.

150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවය.

අමාත්‍ය විජිත හේරත් මහතා,

” නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා. ඒ්ක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා.”

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ තීරණයක් ගෙන තිබුනා.

Exit mobile version